Tuesday, October 20, 2009

වින්ඩොව්ස් 7 සදහා ඔබගේ පරිඝනකය සූදානම්ද?

microsoft මගින් වින්ඩොව්ස් 7 සදහා ඔබගෙ පරිඝනකය තුල තිබිය යුතු සම්පත් මේ වෙන විට නිකුත් කර බොහෝ කලකි.මේ අනුව ඔබගේ පරිඝනකය දැනටමත් වින්ඩොව්ස් විස්ටා කරදර හෝ බිද වැටීම් තොරව පවත්වාගෙන පවත්වාගෙන් යන්නේ නම් ඔබට වින්ඩොව්ස් 7 ස්ථාපනය කර ගනීම පිලිබදව ගැටලුවක් බොහෝ විට පැන නැගිය නොහැක.මන්ද යත් ඔවුන් වින්ඩොව්ස් 7 නිපදවා ඇත්තේ වින්ඩොව්ස් විස්ටා වල තිබූ බොහෝ අඩුලුහුඩු කම් ඉවත් කරමිනි.


නමුත් ඔබ වින්ඩොව්ස් එක්ස්පී (XP) වල සිට වින්ඩොව්ස් 7 සදහා මරු වීමට සිතා සිටින්නේ නම් මෙම තොරතුරු ඔබට  ප්‍රයොජනවත් වනු ඇති.වින්ඩොව්ස් xp සදහා වුවමනා කර තිබූ පමණට වඩා සම්පත් ප්‍රමනයක් වින්ඩොව්ස් 7 සදහා වුවමනා වේ.

වින්ඩොව්ස් 7 සදහා එක්ස්පී (xp) සදහා නිර්දේශ කර තිබුනමෙන් තෙගුනයක පමණ Hz ප්‍රමනයක සකසුවක් (processor) එකක් ද , දහ ගුණයක පමණ ඉඩ අවකාශයක් ද ඔනෑ කරන බව පෙනී යයි.

වින්ඩොව්ස් 7 සදහා නිර්දේශිත පරිඝනක සම්පත් ප්‍රමාණයන් මෙසේය.

  • 1Ghz හෝ වේගවත් බිට් 32(x86) හෝ බිට් 64(x64) සකසුවක් (processor)
  • බිට් 32 සදහා 1GB රැම්(RAM) හෝ බිට් 64 සදහා නම් 2GB රැම් (RAM) එකක්
  • බිට් 32 සදහා 16 GB ඉඩක්(Hard disk space) හෝ බිට් 64 සදහා නම් 20 GB ඉඩක්(Hard disk space
  • WDDM 1.0 හෝ ඉහළ ධාවකයක් සමග Directx 9

No comments: