ubuntu karmic koala (ubuntu 9.10/උබුන්ටු 9.10) 2009 ඔක්.29 වැනිදාට නිකුත් කිරීමට නියමිතය.මේ සමගම මිලියන ගනණ් ජනතාව බලසිටින වින්ඩෝස් 7 ද 20009 ඔක්. 22 වනිදාට නිකුත් කිරීම්ට සලසුම් කර ඇත.
වින්ඩෝස් 7 (Windows 7 ultimate) මිල $219.99 ක් ලෙස දක්වා අති අතර උබුන්ටු සීඩ් එකක් ඔබට නොමිලයේම ගෙදරට ගෙන්වා ගත හැකිය, නැතහොත් නොමිල්යෙම බාගත කර ගත හැකිය.Acer මගින් ඔක්.22 දින සිට වින්ඩොව්ස් 7 ස්ථාපනය කරන ලද ලැප්ටොප් නිකුත් කරන බව දැනුම් දී ඇත.මෙම තත්වයන් යටතේ ubuntu karmic koala (ubuntu 9.10/උබුන්ටු 9.10) යනු අඩු සම්පත් සහිත ලැප්ටොප් සහ පීසී වලට පමනක් සීමා වේවිද?
කෙසේ වෙතත් රුපියල් වලින් වින්ඩොව්ස් 7 මිල 20000 /= කට වඩා වැඩිවේ.මෙම මුදලට අද ලංකාවේ සෑහෙන වැඩ කොටසක් කරගත හැකි පරිඝනකයක් සොයා ගත හැකිය.තවද වින්ඩොව්ස්7 යනු තවත් එක වින්ඩොව්ස් සමාජීකයෙක් පමණක් නිසා මිනිසුන්ට ටික කලකින්ම නිත්‍යානුකුල නොවන පිටපත් නොමිලයේ ලබාගත හකි වනු ඇති බව මට සිතේ.තවද එය වයිරස් වලට තෝතැන්නක් ද වනු නොඅනුමානය.
නමුත් වින්ඩොව්ස් 7 , උබුන්ටු 9.10 වලට වඩා නිසකයෙන්ම භාවිත කරන්නට පහසු වනු ඇත.කුඩා දරුවෙකුට පවා ලෙහෙසියෙන් හැසිරවීමට හැකිවනු ඇත.උබුන්ටු ලිනක්ස් හසිරවීමට වඩාත් පහසුම ලිනක්ස් බෙදාහැරුම වුවද එය තවමත් වින්ඩොව්ස් වල තත්වයට පැමින නැත.(regarding user interface) .
ඔබගේ අදහස් වලට ඉඩ ඇත.
No comments:
Post a Comment